ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පුත්තලම සිට මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැක

    ජූනි 17, 2014

    අද (17) කොළඹ සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද මුහුදේ කාලගුණ තත්ත්වය පිළිබඳ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය

    පැ.කි.මී. 20-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.


    පුත්තලම  සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya