ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    වැටලීම් සඳහා නව පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර

    නොවැම්බර් 13, 2016

    වැටලීම් සඳහා දැනට ප‍්‍රමාණවත් නොවන ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් නව ඖෂධ මිල පාලනය පිළිබද දැනුවත් කිරීමේ රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා ‍මේ බව සඳහන් කළ අතර  ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට නව පනත යටතේ බලය පැවැරීමේ ලිපි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පිරිනමන ලදි.

    අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය ඇති කිරීමෙන් පසු ආරම්භ කළ මහජන පැමිණිලි ඒකකයට පැමිණිලි 150 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම පැමිණිලි පිළිබඳ විමර්ශන ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබීම පිළිබඳව බව ද සඳහන් කළේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක කිරීම පැය 48 කින් අවසන් කිරීමට නොහැකි බවයි. ඊට සති 45 ක් විතර ගත වේ.
     
    "අපේ රටේ විශාල අයවැය හිඟයක් සහ ඩොලර් බිලියන ගණනක ණය බරක් තිබෙනවා. එම නිසා අයවැය ලේඛණයට කීයක් හරි එකතු කර දිය යුතුයි. එම වැඩපිළිවෙළ තමයි මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආරම්භ කර තිබෙන්නේ. එම නිසා තමයි හොඳ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්නේ. ජනතාව මෙම වැඩපිළිවෙළ තේරුම් ගත යුතුයි. මෙම ඖෂධ ප‍්‍රතිපත්තිය හදිසියේ ඉදිරිපත් කලේ ඇයි ද කියා සමහරු අහනවා. හදිසි නොවුනහොත් බලපෑම් එල්ල වෙනවා. මිල සූත‍්‍රය ඉදිරිපත් කළ අවස්ථාවේ දී වෙළෙඳ ව්‍යාපාර නතර කරන බව ප‍්‍රකාශ කළ ඖෂධ සමාගම් තවම දේශීය වෙළෙදපොලේ ව්‍යාපාර කටයුතු සිදු කරනවා. එම සමාගම් මිල පාලනයට පෙර සියයට 400-600 දක්වා ඖෂධ වලින් ලාභ ලබා තිබෙනවා. පැරසිටමෝල් වර්ගයක් දේශීය වෙළෙදපොලෙන් ඉවත්වන බව මාධ්‍ය මගින් ප‍්‍රකාශ කර තිබුනා. නමුත් එම සමාගමත් ඖෂධ මිල පාලයට මේ වනවිට සම්බන්ධ වී සිටිනවා.”

     "ප්ටෙන්ට් අයිතිය සහිත ඖෂධවල මිල පාලනය කර නැහැ.  එම ඖෂධවල කාලය වසර 20 ක් ගත වූ පසු මිල පාලනයට යටත් වෙනවා. යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ඖෂධ මිල පාලනය සම්බන්ධයෙන් විස්තර කර සිටියේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya