ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ සංයෝජකවරු අතුරු වෛද්‍ය සේවයට Featured

    නොවැම්බර් 16, 2016
    ඖෂධ සංයෝජකවරු අතුරු වෛද්‍ය සේවයට අනුගත කිරීම සඳහා ඉදිරියේ දී කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඖෂධ සංයෝජකවරු 850ක් බඳවා ගන්නා විට විරෝධතා මතු වූ බවත් එම විරෝධතා නොතකා බඳවාගැනීම් සිදු කළ බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා පළමු අදියර යටතේ ඖෂධ සංයෝජකවරු 350කට පත්වීම් ලබාදෙන බවත් කීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අභ්‍යාසලාභී ඖෂධ සංයෝජකවරු 350ක් සඳහා පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම වෙනුවෙන් පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    "ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි සෞඛ්‍ය දර්ශක අතින් ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය යහපාලන රජය තවදුරටත් ආරක්ෂා කරනවා. නිදහස් සෞඛ්‍යයට ඇතිවන තර්ජනවලට අපි බිය වන්නේ නැහැ. අපි මේ රටේ තිබුණු ක‍්‍රමය වෙනස් කළා. එම වෙනස අපේ රටේ බොහෝ පිරිසකට තේරෙන්නේ නැහැ. රුපියල් සතවලින් මෙම ක‍්‍රමය මනින්න එපා. රජය මානව සම්පත් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මහාමාර්ග සංවර්ධනය කිරීමෙන් මිනිස් සමාජයේ ප‍්‍රගමනය තීරණය වන්නේ නැහැ. යහපාලනයේ අඩුපාඩු තිබෙන්නට පුළුවන්. පැය 24 කින් සියල්ල වෙනස් කරන්න බැහැ. ඒවාට කාලය ගත වෙනවා. අපි රාජ්‍ය සේවකයින් ලක්ෂ 14 කට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කළා. සෞඛ්‍ය සේවකයින්ට මගේ මැදිහත්වීමෙන් තවත් වැටුප් වැඩි කිරිමක් සිදු කළා. වෘත්තීය සමිති ඉදිරිපත් කරන ගැටළුවලට පුළුවන් ආකාරයෙන් විසදුම් ලබාදෙනවා. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු නිරාකරණය ගත යුතුයි. අපිත් වෘත්තීය සමිති නායකයින් ලෙස වෘත්තීය සටන් සිදු කළා. අද සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසදගන්න පුළුවන්" යැයි ද පැවසීය.
     
    මෙම අවස්ථාවේ දී ඖෂධ සංයෝජක සේවය වෙනුවෙන් කළ මෙහෙවර අගයා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඖෂධ සංයෝජක නිලධාරී සංගමය විසින් උපහාර තිළිණයක් ද ප‍්‍රදානය කරන ලදී. 
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි චතුර සේනාරත්න, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ඖෂධ සංයෝජක නිලධාරී මණ්ඩලයේ සභාපති උදේනි දසනායක මහත්වරු සහ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති නායකයින් එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya