ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ශාලාව යුද හමුදා කඳවුරේ සිදුවු පිපිරීමෙන් ආපදාවට ලක්වුවන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1,279 ක් Featured

    නොවැම්බර් 18, 2016
    ශාලාව යුද හමුදා කඳවුරේ සිදුවු පිපිරීමෙන් ආපදාවට ලක්වු පුද්ගලයින්ට සහන සැලසීම  සඳහා රජය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1,279 ක් බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
    එයින් රුපියල් මිලියන 875 ක මුදලක් මේ වන විට එම ජනතාවට සහන සැලසීමට සඳහා වැය කර ඇත.  එමෙන්ම තක්සේරු දෙපාර්තමේන්තුව විසින් හානියට පත් නිවාස 2,031 කට ගෙවීම් සදහා තක්සේරු වටිනාකම් ඉදිරිපත් කර ඇත.
     
    ගෘහ උපකරණ හානි තක්සේරු කර ඒ සඳහා වන්දි ලබාදීම සඳහා නිවාස ලාභීන් 567 කට රුපියල් 244,478,490 ක ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති අතර  යුධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද නිවාසවල අමුද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 48,035,510ක මුදලක් යුධ හමුදාව වෙත ලබා දී ඇත. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya