ඒ අනුව එම දෙපාර්තමේන්තුව පිහිටි බත්තරමුල්ල "සුහුරුපාය" ගොඩනැගිල්ලේ 9,10,11,12 සහ13 යන මහල් විවෘත කර තිබේ .
මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු දැනගැනිමට ක්ෂණික දුරකථන අංක 011 2 86 22 17 හෝ 011 2 86 22 28 ඔස්සේ
විමසීම් කළ හැකිය. මෙම එක්දින සේවය පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ක්‍රියාත්මක වේ.
එක්දින සේවයේ ගාස්තුව රුපියල් දහසක් වන අතර එදින පාසල් ඉල්ලුම්කරුවන් පැමිණිම අනිවාර්ය නොවේ. සිසුවාගේ දෙමාපියන් හෝ ඥාතිත්වය තහවුරු කළ හැකි පුද්ගලයෙකු ඒ පිළිබඳ තහවුරු කිරිමේ ලියවිල්ලක් හා ඉල්ලුම්කරු විසින් බලය පැවරූ ලිපියක් සමග පැමිණිම අත්‍යවශ්‍ය වේ.



















