ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    7 වන ගාලු කතිකාව ඇරඹේ Featured

    නොවැම්බර් 28, 2016
    ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව අඛණ්ඩ ව හත්වන වරටත් සංවිධානය කරනු ලබන 2016 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී ආරම්භ විය.
     
    “උපාය මාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම” මැයෙන් අද ආරම්භ වූ මෙම සමුළුව හෙට (29) දිනයේ ද පැවැත්වේ.
     
    මෙම සමුළුව සඳහා රටවල් 42ක සහ ජාත්‍යන්තර සංවිධාන 12ක 130කට අධික විදෙස් නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසක් සහභාගි වී ඇත.
     
    ඉන්දියන් සාගර කාලයේ නාවික කටයුතුවලදී ශ්‍රී ලංකාවට ඉතා ඉහළ ස්ථානයක් හිමිවනවා මෙන්ම නාවුක මධ්‍යස්ථානයක් ද වන බවත් පසුගිය 2015 වසරේ සිට මේ දක්වා ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් නියෝජනය කරමින් කොළඹ වරායට පමණක් යුද නෞකා 95ක් පැමිණ ඇති බවත් පිළිගැනීමේ කතාව සිදු කරමින් නිවාක හමුදාපති වයිස් අද්මිරාල් ර වීන්ද්‍ර විජේගුණරත්න මහතා පැවසීය.
     
    සාගරික කලාපයන් තුළ රටවල්වලට පොදු වූ තර්ජනයන් පවතින අතර ඒවාට එක්ව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ව සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සංවාදය තුළින් වත්මන් සාගරික අභියෝගයන් ජයගැනීම සඳහා ඵලදායි යාන්ත්‍රණයක් සකස් කරගැනීම මෙන් ම කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටලු රාශියකට පිළිතුරු සොයා ගැනීමට හැකිවනු ඇතැයි ද නාවික හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    ලෝකය පුරා වැදගත් වෘත්තීයවේදීන් රැසක් සහභාගිව ඇති මෙම සමුළුව හරහා ඔවුන්ගේ අඳහස් මෙන් අත්දැකීම් හුවමාරු කරගැනීමට මෙන් ම අන්තර් සබඳතා ඇතිකරගැනීමට ද අවස්ථාව උදා වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
     
    මෙවර සමුළුව තුළින් වත්මන් සාගරික අභියෝගයන් ජයගැනීම සඳහා ඵලදායි යාන්ත්‍රනයක් සකස් කරගැනීම සඳහා මෙන්ම කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටළු රාශියකට පිළිතුරු සොයා ගැනීම සඳහා ද මං සැලසෙනු ඇත.
     
    මෙම සමුළුව 2010 වසරේ දී පළමුවරට ආරම්භ කොට ඇත.
     
    එමෙන්ම, ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු www.galledialogue.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.
     
    මෙම අවස්ථාවට පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ද, මැති ඇමැතිවරු රැසක් ද සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya