ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    බදුර්දීන් මහමුද් බාලිකා විදුහලේ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම්

    දෙසැම්බර් 02, 2016

    පාසල් සිසුන් සඳහා නිකුත් කර ඇති නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට ඒ වෙනුව‍ට දරුවන්ට වෙනත් ස්ථානයකින් ලබාගත් නිල ඇඳුම් රෙදි බෙදාහැරීමට කටයුතු කළ මහනුවර බදුර්දීන් බාලිකා විදුහලේ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම් කිරීමට අධ්‍යාපන ලේකම්වරයා පියවර ගෙන තිබේ.

    නිල ඇඳුම් වවුචර්පත් දරුවන් අතට පත්කිරීම සියලු ම විදුහල්පතිවරුන්ගේ වගකීමක් වන අතර, (පාසල් සිසුන් වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත්  ලබාදීම -2017 ) චක්‍රලේඛයෙහි එය පැහැදිලිව දක්වා තිබේ.

     

    එමෙන් ම දරුවන් වෙනුවෙන් වෙන් වූ නිල ඇඳුම් වවුචර් පත් ඔවුන් අතට පත් නොකොට තම අභිමතය පරිදි යොදා ගැනීමට කටයුතු කිරීම ආයතන සංග්‍රහය යටතේ රජයේ දේපළ සාවද්‍ය පරිහරණය කිරීම නමැති වරදට ද අයත් වන්නක්.

     

    මේ වනවිට නිල ඇඳුම් වවුචර් දරුවන් අතට පත්කිරීමේ දී අදාළ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කරන සහ විවිධ වංචනික ක්‍රියාවන්හි නිරත වන විදුහල්පතිවරුන් සහ පුද්ගලයින් පිළිබඳ ව අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය ‍වන 1988 ට තොරතුරු වාර්තා වී ඇති අතර, එම වාර්තාවන තොරතුරු පිළිබඳ අමාත්‍යාංශය පරීක්ෂණ දියත් කොට තිබේ.

     

    මේ සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා ද නිලධාරීන්ට උපදෙස් ලබා දී බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya