ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කෙරේ Featured

    දෙසැම්බර් 03, 2016
    රෝග පැතිරීම, වැළැක්වීම සහ නිරෝධායනය හා රෝග වැළැක්වීමේ අඥාපනත සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
     
    ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (IHR - 2005) මගින් ජාත්‍යන්තර ප්‍රවාහනයට හා වෙළෙඳාමට බාධා නොවන පරිදි අන්තර්ජාතිකව පැතිරෙන රෝග වැළැක්වීම, පාලනය හා එවැනි රෝගවලින් ආරක්ෂාවීම වැනි මහජන සෞඛ්‍යයට අදාළ පියවර ගැනීම සඳහා විධිවිධානය සලසා ඇති අතර එම රෙගුලාසි ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙලෙස නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු යොදා ඇත.
     
    ජාත්‍යන්තර ගමනාගමනය, වෙළෙඳාම, සංචාරක කර්මාන්තය සහ ශ්‍රමය රට තුළට ඇදී ඒම හා පිටතට ගලායාම හරහා ගෝලීය සබඳතා නිර්මාණය වන පසුබිමක් තුළ බෝවන රෝග රටින් රට පැතිරීම වළක්වාලීම සඳහා වන සෞඛ්‍ය ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීමට පහසුවන පරිදි ලංකාවේ නීතිමය රාමුව ස්ථාපිත කළ යුතු වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya