ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සහල් ආනයනයට රජයේ තීරණයක්

    දෙසැම්බර් 15, 2016
    ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණදීම අරමුණු කරගනිමින් මාස 1 1/2ක කාලයක් සඳහා සරිලන සහල් ප්‍රමාණයක් ආනයනය කොට ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (15) මුදල් අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    ටොන් 1,10,000ක සහල් තොගයක් මේ වන විට රජය සතු වන නමුත් නැවත යල කන්නයේ අස්වැන්න ලැබීමට පෙබරවාරි මාර්තු පමණ වනවා. එතෙක් පවතින තොගයන්ගෙන් යම් ප්‍රතිශතයක් වෙළෙඳපොළෙට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. රජයේ මැදිහත්වීමක් නොමැති ව පෞද්ගලික අංශය විසින් මෙම සහල් තොගයන් ගෙන්වීමට කටයුතු කරනවා. 
     
    පවතින තොග අවසන් වුවහොත් මෙන් ම පවතින වාතාවරණය අනුව කළුකඩ ව්‍යාපාරිකයන් විසින් සහල් තොග සැගවීමට කටයුතු කළ හොත් මෙන් ම ඉදිරියේ නිඟයක් ඇති වන බවට වාර්තා වී ඇති බැවින් ඒ අනුව ආහාර හිඟයක් ඇති වෙතැයි සිතා මෙම කටයුත්ත සිදු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya