ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    තිරසර යුගයක සංවර්ධන දැක්ම හෙට විද්වත් මණ්ඩලයට

    ජනවාරි 01, 2017

    තිරසර යුගයක සංවර්ධන දැක්ම ප්‍රකාශය විද්වත් මණ්ඩලය අතට පත් කිරීම හෙට (02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා පැවසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (01) පැවතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළ අතර මෙම ජාතික වැඩපිළිවෙළ තිරසර යුගයක තෙවසරක ඇරඹුක් ලෙස ආරම්භ වී  2030 වසර දක්වා ක්‍රියාත්මක වන බව ද ප්‍රකාශ කළේය.

    මෙම තිරසර යුගය 2030 දක්වා ක්‍රියාත්මක වීම ඉලක්ක 17ක් ඔස්සේ සිදු වන අතර කිසිදු දේශපාලන භේදයකින් තොරව හරිත විප්ලවීය ජෛව සංවේදී මානව ශිෂ්ඨාචාරයක් ගොඩගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණිය ද නොසැලී තිබෙන සංවර්ධනයක් දක්නට ලැබීම මෙහි ඇති විශේෂත්වයක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේය.

    මෙම වැඩපිළිවෙළ දියත් කිරීම තුළින් අන්තර් ජාතිකව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර සංවර්ධනයේ ප්‍ර‍බල රටක් බවට පත් වන බවත් දේශපාලන ක්‍ර‍මය ජාතික ප්‍ර‍තිපත්තියක් බවට පත් වන බවත් රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පැවසීය.

    මෙම වැඩසටහන යටතේ ඉදිරි සති 6 තුළ විශාල සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කිරීමට නියමිත බව ද කලංසූරිය මහතා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya