ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    හල්ඔළුව දොඩම්වල නව පාලම ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

    ජනවාරි 06, 2017
    මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසදුම් ලෙස ඉදි කරන ලද හල්ඔළුව දොඩංවල පාලම අද දින පෙ.ව. 10.00 ට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
    බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශීය පාලම් වැඩසටහන යටතේ ඉදි කොට ඇති මෙම පාලම සදහා රුපියල් මිලියන 375 කට ආසන්න මුදලක් වැය කොට තිබේ. මීටර් 105 ක දිගින් යුත් මං තීරු දෙකකින් යුත් මෙම පාලම වත්මන් රජයේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාස 12 ක කාලයකින් නිම කිරීම විශේෂත්වයකි.
     
    මෙම පාලම ඉදි කිරීම නිසා මාතලේ, කුරුණෑගල වැනි ප්‍රදේශ‍වලින් සහ මහනුවර අවට ප්‍රදේශ වලින් පැමිණෙන වාහන වලට මහනුවර නගරය මගහැර තම ගමනා ගමන කටයුතු පහසුවෙන් ඉටු කර ගැනීමට හැකියාව උදා වනු ඇත. මේ නිසා දිනපතා මහනුවර නගරයේ පවතින අධික මාර්ග තදබදයට සැලකිය යුතු විසදුමක් ලබා දීමට හැකියාව ලැබේ. මහනුවර නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සදහා මේ වන විට මහනුවර සිට කටුගස්තොට දක්වා දිවෙන මාර්ගය රු. මිලියන 3,610 ක මුදලක් වැය කොට මංතීරු හතරක් වන පරිදි පුළුල් කෙරෙන අතර, එම ව්‍යාපෘතියද අවසන් වූ පසු මහනුවර නගරයේ රථවාහන තදබදය බොහෝ සෙයින් අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යා ලක්ෂ්මන් කිරිඇල්ල යන මැතිඇමතිවරු ඇතුළු තවත් මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී වීමට නියමිතය.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya