ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි වසර 3 තුළ දකුණින් ඩොලර් බිලියන 5ක ආයෝජනක්

    ජනවාරි 08, 2017

    දකුණේ ආරම්භ කළ සංවර්ධන කලාපයෙන් ඉදිරි වසර 3ක කාලය තුළ ඩොලර් බිලියන 5ක් ආයෝජනයක් බව ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (08) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර මේ වන විටත් චීන ආයෝජකයින් 50 දෙනෙකු පැමිණෙන බව තහවුරු කර තිබෙන බව ද සඳහන් කළේය.

     

    හම්බන්තොට වරයාට සහ මත්තල ගුවන් තොටුපොළට බිලියන 15ක් වසරකට ණය පොලී වාරික ගෙවීමට සිදු වන අතර වරාය නඩත්තුව සඳහා වසරකට මිලියන 1000ක වියදමක් දැරීමට සිදු වී තිබෙන බවත් රටේ සමාජී ආර්ථික ගැටලු වෙනුවෙන් ශක්තිමත් වැඩපිළිවෙළක් වෙනුවෙන් ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ තීරණයක් ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මෙම කිසිදු ව්‍යාපෘතියකින් කොමිස් මුදලක් කිසිදු අයෙකුට හිමි නොවන අතර ඇගලුම් කර්මාන්තය රටකට විශාල ආයෝජන අවස්ථා ඇති කරන බවත් විද්‍යුත් යන්ත්‍රෝපකරණ, මෝටර් රථ කර්මාන්ත යනාදී නොයෙක් කර්මාන්ත ඔස්සේ මෙරට ආයෝජන අවස්ථාට ඇති කිරීමෙන් විශාල ආදායමක් මෙරටට ගලා එන බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    එවැනි ආයෝජන වැඩි වන විට ජනතාවගේ බදු බර අඩු කිරීමට අවස්ථාව ලැබෙන අතර සෑම ක්ෂේත්‍රයක වැටුප් වැඩි වීම් සිදු වන බව පෙන්වා දුන් සේනසිංහ මහතා එවැනි වැඩපිළිවෙළක් සඳහා මෙරට ශ්‍රම බලකායක් ඇති කළ යුතු අතර ඒ සඳහා පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම තුළින් සිදු කළ යුතු බව ද සඳහන් කළේය.

     

    කොරියාව, ඉන්දියා වැනි රටවල් කොටස් එකලස් කිරීම තුළින් නිෂ්පාදන සිදු කරනු ලබන බවත් ජාත්‍යන්තර වශයෙන් ඇති කර ගන්නා ගිවිසුම් ආණ්ඩු වෙනස් වන විට වෙනස් කළ නොහැකි බැවින් පසුගිය රජය මඟින් ඇති කර ගත් ගිවිසුම්වල පාඩුව අවම  කරමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය. කොළඹ ෆෝට් සිටී ව්‍යාපෘතිය ද එවැන්නක් බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    දකුණු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් අක්කර 15,00ක ආයෝජන කලාපයක් ඇති කිරීමේදී එකවර එම ඉඩම් ලබාදීමක් සිදු නොවන අතර ආයෝජකයින්ගේ ඉල්ලීම මත ඒ ඒ ආයෝජන අවශ්‍යතා අනුව ඉඩම් යොදා ගනු ලබන බවත් මොණරාගල අක්කර 7,000ක් හම්බන්තොට අක්කර 2,000ක් යානදී වශයෙන් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එහිදී අක්කර 500, 600, 300 වැනි ප්‍රමාණයන්ගෙන් ද ආයෝජකයින්ට ලබා දීම සිදු වේ.

     

    කිසිදු අවස්ථාවක චීනයේ ශ්‍රමිකයින් මෙරට ගෙන්වීමේ සැලැස්මක් නැති බව මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya