මෙතෙක් අප රටේ එවැනි ජාතික ප්‍රතිපත්තියක් නොවු අතර, දිනෙන් දිනම ධීවර හා ජලජ සම්පත් අවභාවිතය නිසා, එම සම්පත් විනාශ වී යාමේ තර්ජනයකට වර්තමානයේ රට මුහුණ දී තිබෙන බවද අමාත්‍යාංශය කියයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම සම්පත් සංරක්ෂණය කිරීම, කළමනාකරණය, අනාගත පරපුර සඳහා ධීවර හා ජලජ සම්පත් සුරක්ෂිත කර තැබීම, පාරිසරික සම්පතක් වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය කිරිමේ ඇති වටිනාකම් මහජනතාවට අවබෝධ කිරීම, සම්පත් උපරිම ඵළදායකත්වයක් ලැබෙන පරිදි නෙලා ගැනීම මෙන්ම, ධීවර හා ජලජ සම්පත් යනු ක්‍රමයෙන් හිඟවන සම්පතක් නිසා, ඒවා වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙන්ම, නව නීති හඳුන්වා දීම තුළින් එම සම්පත් සංරක්ෂණය කිරීම යනාදී කරුණු ගණනාවක් ඉළක්ක කර ගනිමින් මෙම ජාතික ධීවර ප්‍රතිපත්තිය සකස්කරන ලෙස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.
දැනට ලෝකයේ විශිෂ්ටතම ධීවර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නේ නොර්වේ රටේ බැවින් අප රටේ ජාතික ධීවර ප්‍රතිපත්තිය සකස් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය වසරේ මෙරට සංචාරයක නිරත වු නෝර්වේ අගමැතිනි අර්නා සොල්බර්ග් මහත්මියගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව, නෝර්වේ රජය විසින් එරට ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ අත්දැකීම් හා පුළුල් දැනුමක් ඇති විද්වතුන් කණ්ඩායමක් අප රටට එවනු ලැබීය.
මේ වනවිට එම පිරිස අප රටේ විද්වතුන් හා එක්වෙමින් අදාළ ජාතික ධීවර ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතුවල නිරත වී සිටිති. කෙසේ වුවද, මෙම වසර තුළ මෙම ජාතික ධීවර ප්‍රතිපත්තිය රටට හඳුන්වා දීමට පියවර ගන්නා ලෙසත්, අදාළ සියලු පාර්ශ්වවලින් තොරතුරු අදහස් යෝජනා ලබා ගනිමින් මෙම ප්‍රතිපත්තිය සකස් කරන ලෙසත්, රජයන් වෙනස් වු විට වෙනස් නොවන ජාතික ධීවර ප්‍රතිපත්තියක් හදුන්වාදිය යුතු බවත්, ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.