ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි සතියේදී අක්ෂි කාචයක මිල රුපියල් 10,000 දක්වා අඩු වෙයි - සෞඛ්‍ය ඇමැති Featured

    ජනවාරි 22, 2017

    අක්ෂි කාච මිල ඉදිරි සතියේ දී අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.



    ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියාමන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව තුළ අක්ෂි කාච ජාවාරමක් සිදුවන බවයි.

    ඉන්දියාවෙන් රුපියල් 6,000 කට ආනයනය කරන අක්ෂි කාච දේශීය වෙළෙද පොලේ රුපියල් 25000 සිට 30,000 දක්වා අලෙවි කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ඇතැම් සමාගම් ආනයනය කරන අක්ෂි කාච නිර්දේශ කරන වෛද්‍යවරුන්ට එම සංගම්වලින් මුදල් ලැබීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පෙන්වා දෙන අමාත්‍යවරයා අක්ෂි කාච මිල රුපියල් 20,000 කින් පමණ අඩු කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද වැඩිදුරටත් පැවසීය.

    මේ අතර රජයේ රෝහල්වල අක්ෂි ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත අක්ෂි කාච ලක්ෂයක් ආනයනය කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම වැඩපිළිවෙළ යටතේ රෝහල්වල අක්ෂි කාච හිඟයක් පවතින්නේ නම් දේශීයව මිලදී ගැනීම සදහා රෝහල් අධ්‍යක්ෂවරුන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත. ඒ සදහා විශේෂ චක්‍රලේඛයක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොමු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya