ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ඉතිහාසයේ වාර්තාවූ වැඩිම විදෙස් පේ‍්‍රෂණ ප‍්‍රමාණය 2016 දී

    පෙබරවාරි 02, 2017
    මෑත ඉතිහාසයේ වැඩිම විදෙස් පේ‍්‍රෂණ ප‍්‍රමාණය වාර්තා වූ වර්ෂය 2016 බවත් එම ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 7241.5ක් බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. 
     
    එම ප‍්‍රමාණය ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් බිලියන 1054.5 කි. 
     
    2015 වර්ෂයේ දී වාර්තා වූ විදෙස් පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 6980.3 කි. එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 949 කි. ඒ අනුව 2015 වර්ෂයට සාපේක්‍ෂව 2016 වර්ෂයේදී වැඩි වූ ප‍්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 261.3ක් වන අතර එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 105.5කි. ඒ අනුව වැඩි වූ ප‍්‍රතිශතය 3.7%ක් වන අතර ශ‍්‍රී ලංකා මුදල් ප‍්‍රමාණයේ වැඩිවීම 11.11% කි. 
     
    මෙලෙස ශ‍්‍රී ලංකාවට වැඩිම පේ‍්‍රෂණ ප‍්‍රතිශතයක් ලබාගැනීම සඳහා කැපවූ විදෙස් ගත ශ‍්‍රමිකයින්ට විදේශ රැකියා අමාත්‍යතුමිය සිය ස්තූතිය පළකරන අතර, රටේ ආර්ථිකය ශක්තිමත් වන්නේ විගමණික ශ‍්‍රමිකයින්ගෙන් ලැබෙන විදෙස් පේ‍්‍රෂණ මඟින් බැවින් ඔවුන් වෙනුවෙන් තම අමාත්‍යංශය යටතේ සුභසාධන වැඩකටයුතු දියත් කිරීමටත්, ඔවුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ආරක්‍ෂා කිරීමටත් කැප වන බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya