ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    විදුහල්පති සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කෙරේ

    පෙබරවාරි 03, 2017
    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ අංක 1185/31 දරන 2014.10 22 දිනැති ව්‍යවස්ථා සංග්‍රහය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය පරිදි පළමු වරට සංශෝධනය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    එම සංශෝධනය අනුව නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වන පන්තියේ 1 ශ්‍රේණියේ සිටින, පෙර සේවා ව්‍යවස්ථාව අනුව 2008.07.01 දිනට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීමට සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.
     
    එසේ සේවා සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් 2008.07.01 දිනට 1 පන්තියට අන්තර්ග්‍රහණය කරන අනෙකුත් සියලු ම නිලධාරීන්ට වඩා පහළින් හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියේ වැටුප පමණක් ලබාගත හැකි වන පරිදි අන්තර්ග්‍රහණය කිරීමට ද මෙම සංශෝධනය මගින් පියවර ගෙන තිබේ. මීට අමතරව මෙම  නිලධාරීන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියේ විදුහල්පතිවරුන් සඳහා වන කුසලතා/ සීමිත ධාරාවන් යටතේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන/ ගුරු අධ්‍යාපනඥ සේවයට උසස්වීම සඳහා සුදුසුකම් ලබන්නේ 2008.06.30 දිනට පැවති සේවා ව්‍යවස්ථාව යටතේ 1 ශ්‍රේණියට උසස්වීම සඳහා අවශ්‍ය සේවා කාලය ඇතුළු ව අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කළ දිනයේ සිට වන අතර වැටුප හැර අනෙකුත් ප්‍රතිලාභ ලබාගැනීමට 2008.06.30 දිනට පැවති සේවා ව්‍යවස්ථාව යටතේ 2 වන පන්තියේ  1 ශ්‍රේණියට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හෝ නව සේවා ව්‍යවස්ථාවේ සඳහන් දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය ද සමත්වීය යුතුයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya