ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    විදුහල්පතිවරුන්ට දෙන විශේෂ දීමනාව සංශෝධනය කරයි Featured

    පෙබරවාරි 08, 2017

    විදුහල්පතිවරුන් සඳහා දැනට ගෙවනු ලබන විශේෂ දීමනාව ඉහළ නැංවීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරයවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    දිවයින පුරා විසිරී ඇති 10,162ක් වන ජාතික හා පළාත් පාසල්වල සේවය කරනු ලබන විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන සංකීර්ණ වූත්, වගකීම් සහිත වූත් කාර්යභාරය සැලකිල්ලට ගෙන ඔවුන් දිරිගැන්වීමේ අරමුණින් තීරණය ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කළමනාකරණයේ වැදගත් භූමිකාවක් විදුහල්පතිවරුන් විසින් ඉටු කරනු ලබන අතර කිසියම් පාසලක සාර්ථකත්වය එම පාසලේ විදුහල්පතිවරයාගේ කාර්යක්ෂම සහ විධිමත් කළමනාකරණ ශෛලීය මත රඳා පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya