ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ වෙයි Featured

    පෙබරවාරි 13, 2017

    ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කළ බවත් ඉඩම් හෙක්ටයාර් 2,000ක් ස්වයං රැකියාවක් ලෙස ගිණිසීරියා ගෙවතුවගාවට හදුන්වාදීමට සූදානම් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    කිසිදු පරිසර හානියකින් තොරව ජෛව ස්කන්ධ ඉන්ධන භාවිතයෙන් රටේ බලශක්ති අවශ්‍යතාවය 50%ක් සැපයිය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    එප්පාවල වන සංරක්ෂණ කාර්යාලයේදී ගිණිසීරියා වගාකිරීමේ ව්‍යාපෘතියට එක්වෙමින් සහ කුරුණෑගල මාවතගම මුවන්ගම දර එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ මුල්ගල තැබීමේ උත්සවයටද එක් වෙමින් ඊයේ (12) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     


    "ගල් අගුරු සහ ඉන්ධන සඳහා අප රටේ විශාල මුදලක් පිට රටට ඇදී යනවා. එය අපේ ආනයන වියදමෙන් 40%ක්. ඒ නිසා අපි වෙනත් විකල්ප බලශක්තීන් සඳහා යොමු විය යුතුයි. අපි අද ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය තුළින් ගිණිසීරියා පැළ හෙක්ටයාර් 2,000ක වගාකර මූලික පියවර ආරම්භ කරනවා. අනතුරුව මෙම දර ප්‍රමිතියට අනුව එකලස් කරන මධ්‍යස්ථාන රටපුරා ඇති කිරීමට කටයුතු කරනවා. මෙය අපේ ජනතාවට අනාගතයේදී ස්වයං රැකියාවක් ලෙස ව්‍යාප්ත කළ හැකියි. තම ගෙවත්තේ වගාකරන ගිණිසීරියා පැළයේ බද කොටසට ගම්මිරිස් වැළක් යවලා කොළ ටික පොහොර වශයෙන් ගෙන අතු ටික එකලස් කිරීමේ මධ්‍යස්ථානයට දී තවත් අමතර ආදායමක් ලබා ගැනීමේ ජාතික වැඩපිළිවෙළයි අපි මේ ආරම්භ කළේ. අතිගරු ජනාධිපතිතුමා මේ ජාතික වැඩපිළිවෙළට පරිසරයට ආදරය කරන නායකයෙක් ලෙස අපට නායකත්වය ලබා දෙනවා. මේ නිසා ජනතාව පුළුල් අවබෝධයෙන් යුතුව මේ වැඩසටහන පිළිබඳව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා."

     

    මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya