ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ඌව සහ නැගෙනහිර පළාත්වලට පස්වරුවේ වැසි Featured

    ජූනි 27, 2014

    අද (27) දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹට සහ ගාල්ලට වැසි ස්වල්පයක් ද රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ද ඇති විය හැක.


    අනුරාධපුර, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැස්සක් හෝ ගිගුරුම් සහිත වැස්සක් ඇති වේ.


    ත්‍රිකුණාමලයට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැස්සක් හෝ ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මඩකළපුව හා ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක  37.3 පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.9 නුවරඑළියෙන් ද මි.මී. 25.9ක උපරිම වර්ෂාපතනය​ නෝර්ටන් ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya