ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පාසල්වල තොරතුරු තාක්‍ෂණ ගැටලුවලට විසඳුම් Featured

    ජූනි 20, 2017

    පාසල් පද්ධතිය තුළ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිතා  කිරීමේදී මුහුණ පෑමට  සිදුවන විවිධාකාරයේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කෙරේ.

    මේ අනුව පාසල් සිසුන්ට ගුරුවරුන්ට මෙන්ම දෙමාපියන්ට මුහුණ පෑමට සිදුවන ගැටලුවලදී ඇවැසි විසඳුම් ලබාදීම සඳහා ඒ පිළිබඳ ‍විශේෂඥ දැනුම සහිත කණ්ඩායමක් සහාය වනු ඇත.

     

    අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ශාඛාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා ඇත.

     

    පාසල් ශිෂ්‍යය ශිෂ්‍යාවන්  අන්තර්ජාලය පරිගණකය ජංගම දූරකතනය ඇතුළු තාක්‍ෂණික මෙවලම් තමන්ට මෙන්ම සමාජයට හිතකර ආකාරයෙන් භාවිතා කිරීමට දිරි ගැන්වීම සහ ඇතැම් අවස්ථාවලදී අහිතකර ආකාරයෙන් කටයුතු කිරීම නිසා මතු වන ගැටලුවලදී නිසි මග පෙන්වීම මෙම ජාතික වැඩපිළිවෙළෙහි අරමුණ වේ.

    තවද මේ සඳහා අවශ්‍යය කෙරෙන තොරතුරු මෙන්ම මග පෙන්වීම සඳහා වෙබ් අඩවියක්ද ස්ථාපනය කිරීමට මෙන්ම මතුවන ගැටලුවලට සවන්දීමේ සහ පිළිතුරු ලබාදීමේ ක්‍රමවේදයක්ද සකස් කෙරේ.

    මේ වන විට පාසල් පරිගණක ආරක්‍ෂණ සිදුවීම් ප්‍රතිචාර සංසද(EDUCSIRT) පිහිටුවීම සිදුකරමින් සිටින බවත්  එහි ක්‍රියාකාරිත්වය සඳහා ගුරුවරුන් සියයකට  පමණ පුහුණුව ලබාදී තිබෙන බවත් තොරතුරු තාක්‍ෂණ ශිෂ්‍ය සමාජ පාසල් මට්ටමින් ස්ථාපිත කිරීම ආරම්භ කර තිබෙන බවත්  නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya