ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    විදුහල්පති සේවාවේ ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්

    ජූනි 29, 2017

    විදුහල්පති සේවයේ මතු වී ඇති සේවා ගැටලු සම්බන්ධව විදුහල්පති සංගම් නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදාඅධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    එහිදී පෙර සේවා ව්‍යවස්ථාවට අනුව 2006 වසරේ පවත්වන ලද විදුහල්පති සේවා විභාගය අනුව 2009, 2010, 2012 සහ 2014 යන වසරවල වරින්වර බඳවා ගන්නා ලද විදුහල්පතිවරුන්ගේ පත්වීම් එකම දිනකට පෙරදාතම කිරීම, ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ 9 වන ඡේදයේ සඳහන් භාෂා ප්‍රවීණතාවය යටතේ සෑම නිලධාරියකුම විදුහල්පති සේවයට බඳවාගන්නා ලද දින සිට වසර 03 ක් ඇතුළත සන්ධාන භාෂාව වන ඉංග්‍රීසී භාෂාවෙන් නිදහස් වීම සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 1/2014 අනුව සපුරාලිය යුතු භාෂා අවශ්‍යතාවන් ගෙන් නිදහස්වීම යන ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කෙරිණි.

     

    එම ඉල්ලීම් සඳහා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ නිර්දේශ ලබාගත යුතු බවත් ඒ සඳහා මේ වන විටත් රාජ්‍ය සේවා කොමිසන් සභාව මගින් විමසීම් කර පිළිතුරු අපේක්ෂාවෙන් සිටින බවත් අධ්‍යාපන ලේකම්වරයා සිටියේය.

       

    මීට අමතරව 2015 වර්ෂයේ පැවැත්වූ විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත්ව ශ්‍රී ලංකා විදුහල්පති සේවයට බඳවා ගන්නා ලද විදුහල්පති ශ්‍රේණිධාරීන්, විදුහල්පතිවරුන් වශයෙන් ම ස්ථානගත කිරීමට ඇතැම් පළාත් සභා බලධාරීන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වන ගැටළුවේ දී, අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්  මගින් ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දී තිබිය දීත් පළාත් සභා මගින් එම නිලධාරීන් නිසි පරිදි ස්ථානගත කිරීම සිදු වී නොමැති තත්ත්වයක් පවතින බව සාකච්ඡා කර තිබේ.

     

    එසේම විදුහල්පතිවරුන් සඳහා විදේශ ශිෂ්‍යත්ව පිරිනැමීමේ දී ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට කරන ලද ඉල්ලීමට අනුව, ඒ පිළිබඳ ඉදිරියේ අදාළ කටයුතු කරන බවට අධ්‍යාපන ලේකම්වරයා පිරිස දැනුවත් කරන ලදී.

     

    මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya