ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජා සංවර්ධනයට ඕස්ටේ‍්‍රලියාවේ සහය Featured

    ජූලි 01, 2014

    ශීඝ‍්‍ර සංවර්ධනයක් අත්පත් කරගනිමින් ඉදිරියට ගමන් කරන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජා පාදක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 270ක මුදලක් ප‍්‍රදානය කිරීමට ඕස්ටේ‍්‍රලියානු රජය පියවර ගෙන ඇත.


    මේ මුදල් ප‍්‍රදානය ශී‍්‍ර ලංකාවට ඕස්ටේ‍්‍රලියානු ඍජු ආධාර වැඩසටහන යටතේ සිදුකර තිබෙන අතර එමඟින් ශී‍්‍ර ලංකාවේ සංවිධාන 12ක් විසින් කි‍්‍රයාවට නංවනු ලබන ප‍්‍රජා පාදක ව්‍යාපෘති 13ක් සඳහා මුදල් සපයන බව ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


    මේ සුළු පරිමාණ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍්‍රදේශ ආවරණය කෙරෙන පරිදි සඳහා ප‍්‍රජා පාදක සංවිධාන වෙනුවෙන් මුල්‍ය චෙක්පත් ප‍්‍රදානය කිරීම ශී‍්‍ර ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු වැඩබලන මහ කොමසාරිස් සොන්යා කොපෙ (Sonya Koppe) මහත්මිය අතින් ඊයේ (30) සිදු කෙරිණ.


    ඕස්ටේ‍්‍රලියානු රජයේ වාර්ෂික සුළු ප‍්‍රතිපාදන සම්පාදනය කිරීමේ වැඩසටහන වන ඍජු ආධාර වැඩසටහන යටතේ මෙම ආධාර මුදල් සපයනු ලබන අතර ලාභ නොලබන පදනමින් කි‍්‍රයාත්මක වන ප‍්‍රජා පාදක සංවිධාන සඳහා ද මේ ආධාර වැඩසටහන යටතේ අරමුදල් සැපයෙන බවද ප‍්‍රජාවන් සඳහා සහන සැලසීම ඉන් අරමුණ කෙරෙන බවද එම මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.


    මෙම ආධාර වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අදහස් පළකළ වැඩබලන ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කෝප මහත්මිය පෙන්වා දුන්නේ ඍජු ආධාර වැඩසටහනේ අරමුණ වන්නේ සංවර්ධන අරමුණු තවදුරටත් ඉදිරියට ගෙන යෑම සහ වහා උපකාර අවශ්‍ය වන මානුෂවාදී දුෂ්කර තත්ත්වයන්ට පිළිසරණ වීම බවයි. බිම් මට්ටමේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින ප‍්‍රජා කණ්ඩායම් වෙත ඍජුවම සහය දැක්වීමට අවස්ථාවක් ලැබෙන ඍජු ආධාර වැඩසටහන සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියාව බෙහෙවින් ආඩම්බරයට පත්වන බවද ඇය සඳහන් කළාය.


    HC/priu_Australian High commission

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya