මෙවර අ.පො.ස. (උ.පෙ) විභාගය ලබන අගෝසතු මස 08 වන දින ආරම්භ කර සැප්තැම්බර් මස 02 දිින දක්වා පැවැත්වීමට නියමිතය. මේ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන් 2,37943කගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත 2017.07.07 දින ද, පෞද්ගලික අයදුම්කරුවන් 77,284 කගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත ඊයේ (10) දින ද තැපැල් කර ඇති බව කොමසාරිස්වරයා සඳහන් කළේය.
මෙම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,230 ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 305ක් යටතේ මෙම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර 28,000ක කාර්ය මණ්ඩලයක් ඒ සඳහා යොදවා ඇත.
පාසල් වෙත ලැබුණු ප්‍රවේශ පත්‍ර කිසිම හේතුවක් මත විදුහල්පතිවරුන් වෙත තබා නොගත යුතු අතර ප්‍රවේශ පත්‍ර නොපමාව අයදුම්කරුවන් වෙත බෙදා දිය යුතු වේ.
නියමිත දිනට ඉල්ලුම් ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍ර නොලද පෞද්ගලික අයදුම්කරුවන් වෙතොත් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවින්තාන්සියේ පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවින්තාන්සිය විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍ර ලබා ගත හැක.
ප්‍රවේශ පත්‍රයන්හි විෂය සංශෝධන , භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍යය පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද 2017.07.20 දිනට පෙර පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කර අදාල සංශෝධන සිදු කර ගත යුතු වේ.
මේ සම්බන්ධයෙන් යම් විමසිමක් වෙතොත් පහත දුරකතන අංක අමතා තොරතුරු විමසිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 0112784208/ 0112784537/ 0113140314
ෆැක්ස් අංකය : 0112784422
ක්ෂණික ඇමතුම් අංකය : 1911



















