ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි 335ක්

    ජූලි 27, 2017
     
    පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මේ වන විට පැමිණිලි 335ක් ලැබී ඇති බවත් ඉන් 89ක විමර්ශනය කටයුතු අවසන් කොට නීති උපදෙස් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම, පැමිණිලි 12ක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පැවරීම, පැමිණිලි 115ක විමර්ශන අවසන් කොට ඇති බවත් පැමිණිලි 135ක් විමර්ශනය කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    මේ වන විට පැමිණිලිවලට අදාළ ව සැකකරුවන් 56ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 10දෙනෙක් අධිකරණය වෙත භාර වී ඇත.
     
    මුදල් විශුද්ධිකරණය කිරීම් වැනි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමේ දී විදේශ සහාය ලබාගත යුතු වන බව පෙන්වාදුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වන විට රටවල් 25කින් එවැනි ඉල්ලීම් 86ක් සිදු කර ඇති අතර ඉන් 39කට ප්‍රතිචාර ලැබී ඇති බවත් පෙන්වා දුනි.
     
    මෙම පැමිණිලි සම්බන්ධයෙන් පවතින සංකීර්ණ භාවය මෙන් ම විදේශ සහාය ලබාගැනීම, නිලධාරීන් පුහුණු කිරීම වැනි කටයුතු හේතුවෙන් විමර්ශන කටයුතු යම් පමණකින් ප්‍රමාද වන බවත් නමුත් හැකි ඉක්මනින් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමට කටයුතු කරන බවත් කීය.
     
    මහා පරිමාණ මූල්‍ය අපරාධ හා අවශ්‍ය ව්‍යාපෘතීන් පිළිබඳ ව සොයා බැලීමේ අරමුණින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය 2015 පෙබරවාරි 25දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ඇතිකොට ඇත. එමෙන්ම පොලිස්පතිවරයා අධීක්ෂණයෙන් යුතු ව ක්‍රියාත්මක වන මෙම කොට්ඨාසය තුළ මේ වන විට නිලධාරීන් 120ක් පමණ සේවය කරන අතර වියට්නාමය, ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල් වෙතින් ඔවුන්ට විදේශ පුහුණුව ද ලබා ඇත. පොලිස්පතිවරයා වෙත ලැබෙන පැමිණිලි මෙම කොට්ඨාසය වෙත යොමු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya