ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාදාමය මුල පටන්ම වැරැදි සහගතයි Featured

    ජූලි 04, 2014

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාදාමය මුල පටන්ම වැරැදි සහගත බවත් නීත්‍යානුකූලව පත් රජයක් හා ත්‍රස්තවාදී සංවිධානයක් ගැන එක හා සමානව කථා කිරීම පිළිබඳව එකඟ නොවන බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමේ වැඩපිළිවෙළේ කොටස්කරුවන් බවට පත්වීමට රජයට කිසිසේත් නොහැකියි. යුද්ධයේ අවසන් සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූයේ යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් වූ මුල් අවස්ථාවේ ම විදේශ අමාත්‍යවරයා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා රජයේ මතය පැහැදිලි කරමින් එකී චෝදනා ඉතා අසාධාරණ හා සත්‍යයෙන් තොර බව දැඩි ලෙස ප්‍රකාශ කළා. රජය තවමත් සිටින්නේ එකී ස්ථාව‍රයේ යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    යුද්ධයෙන් පරාජය වූ සංවිධානයක් ගැන සොයා බැලීමේ අවශ්‍යතාවක් රජයට නැහැ. බිම් මට්ටමෙන් ත්‍රස්තවාදය අවසන් යන මතයේ සිටින්නේ. නැති අය ගැන කථා කරන එක හා පවතින දෙයක් ගැන කථා කිරීම සම්බන්ධයෙන් අපේ එකඟත්වයක් නැහැ. මානව හිමිකම් කොමසාරිස්වරිය පත්කළ කමිටුවට මෙරටට පැමිණීමට ඉඩ නොදෙන්නේ නම් වෙනත් රටක සිට සාක්කි සටහන් කර ගැනීමට ක්‍රියා කළ හැකි බවට කර තිබූ ප්‍රකාශය අනුව යම් අයෙකු සමාජ මාධ්‍ය භාවිත කරමින් ස්කයිප් තාක්ෂණය මඟින් සාක්කි දීමට කටයුතු කළහොත් කුමක් කරන්නේදැයි කළ විමසුමකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ ඒ පිළිබඳ පවතින නීතිමය තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳ සැළකිල්ල යොමුකිරීම අවශ්‍ය බවයි.


    ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනය සහ අරන්තලා භික්ෂු ඝාතනයේ සිට යුද්ධයේ අවසන් සමය දක්වා යුද්ධයෙන් පරාජය වූ සංවිධානයක් ගැන සොයා බැලීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ද හෙතෙම පැවැසීය.


    එල්.ටී.ටී.ඊය සිදු කළ සියලු ඝාතන පිළිබඳ තොරතුරු හා සාක්ෂි රජය ඉදිරිපත් කර තිබෙන බව ද, එම සංවිධානය පරාජය කිරීමෙන් පසු එහි සිටි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ද ඇතුළු දහස් ගණනක් පුනරුත්ථාපනය කර සමාජගත කර ඇති බවත්, විනාශ වූ සියල්ල ද ඇතුළුව අනෙකුත් සෑම පහසුකමක්ම එම ප්‍රදේශවලට ලබාදීමට රජය කටයුතු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.


    රජයේ ප්‍රවෘත්ත අධ්‍යක්ෂ වසන්තප්‍රිය රාමනායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya