ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ඒ අවට ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, පිටබැද්දර සහ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට සහ බදුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ යන දිස්ත්‍රික්කවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 100ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම, පොළොව ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානවෙත මාරුවීමට සූදානම්වන ලෙසත් එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.



















