ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 ජනතා අයිතියට

    සැප්තැම්බර් 25, 2017

    ගෝලීය අරමුදල විසින් රුපියල් මිලියන 1824 ක් වැය කරමින් උතුරු පළාතේ  රෝහල්වල ඉදිකරන ලද වෛද්‍ය වාට්ටු සංකීර්ණ ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සිදු කෙරිනි.

    යාපනය වඩ්ඩක්කොට්ඩෛ ප්‍රාදේශීය රෝහල, කයිට්ස් මුලික රෝහල, කිලිනොච්චි රෝහල සහ වවුනියාව රෝහල යන රෝහල්වල ඉදිකරන ලද වාට්ටු සංකීර්ණ විවෘත කෙරිණි.

     

    මෙම ව්‍යාපෘතිවලින් වැඩි සංඛ්‍යාවක් ප්‍රජාමූල සෞඛ්‍ය මධ්‍යස්ථාන වන අතර ගෝලීය අරමුදල විසින් සෞඛ්‍ය සේවාවේ යටිතල පහසුකම් වැඩි කිරීමට මෙන්ම මැලේරියා, එච්.අයි.වී, ක්ෂය රෝගය නිවාරණය කිරීම සදහා දායකත්වය ලබා දී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටලු හේතුවෙන් අතරමග නතර වී තිබුණු නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාව සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 13 ක් බාර ගනිමින් මාස ගණනාවක් තුළ ශ්‍රම දායකත්වය ලබාදෙමින් ඉදිකර අවසන් කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

     ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සහ යාපනය ආඥාපති මේජර් ජනරාල් දර්ශණ හෙට්ටිආරචිචි මහතා ඇතුලු හමුදා සෙබලුන්ට ඒ මහතා ස්තූතිය  කළේය.

     

    ප්‍රජා මූල සෞඛ්‍ය මධ්‍යස්ථාන දියුණු කිරීමේ දී ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 634 ක් බඳවා ගත් බවත් ජාත්‍යන්තර සංවිධාන මෙවැනි පහසුකම් ලබා දී සෞඛ්‍ය සේවාව ගුණාත්මකව ඉහළ නැංවීම සඳහා ලබාදුන් සහයෝගය  අමාත්‍යවරයා අගය කළේය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, යාපනය හමුදා ආඥාපති මේජර් ජනරාල් දර්ශණ හෙට්ටිආරච්චි මහතා, ගෝලීය අරමුදලේ අධ්‍යක්ෂිකා බිලැන්කා මහත්මිය, එම අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂිකා පුබුදු ද සොයිසා මහත්මිය, උතුරු පළාත් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya