ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරියේදී පාසලට උපාධිධාරීන් හෝ ඩිප්ලෝමාධාරීන් පමණයි

    ඔක්තෝබර් 21, 2017

    අධ්‍යාපන ක්ෂේත්‍රය විධිමත් කිරීමත්, ප්‍රමිතිය හා ගුණාත්මක බව ආරක්ෂා කිරීමත් අරමුණු කර ගනිමින් ඉදිරියේ දී පාසල් පද්ධතිය තුළට උපාධිධාරීන් හෝ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් නොවන කිසිවෙක් බඳවා නොගැනීමට සුදානම් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් 3736 දෙනෙකුට ගුරුපත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඊයේ (20) අරලියගහ මන්දියේදී පැවති අතර එම උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 


    එමෙන්ම අධ්‍යාපන මට්ටම අනුව වැටුප් දීමනා වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya