මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස නුවරඑළිය හුට්විල් වතුයායේ නිවාසලාභීන්ට ඔප්පු පිරිනැමීම ජනාධිපතිතුමාගේ සුරතින් 2017.02.09 දින සිදු කරන ලදි. දෙවන අදියර ලෙස මාතර හුලන්දාව වතුයායේ ඉදිකළ නිවාස සඳහා නිරවුල් ඔප්පු පිරිනැමීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.08.17 දින සිදු කෙරිණි.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහත්වරු ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.



















