ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පෙට් ස්කැනර් යන්ත්‍රය ලබන ජනවාරි මාසයේ දී ලබාදීමට පියවර

    ඔක්තෝබර් 30, 2017

    මහරගම අපේක්ෂා රෝහල සඳහා මහජන ආධාර මුදලින් ලබාදීමට සැළසුම් කර ඇති ජර්මනියේ නිෂ්පාදිත පෙට් ස්කැනර් යන්ත්‍රය ලබන ජනවාරි මසයේ දී ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරන්න මහතා ප්‍රකාශ කරයි.

    කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ අතර මෙම පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ධානපතීන් විසින් ආධාර එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇත.

    පෙට් ස්කැනර් යන්ත්‍රය ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 09 -15 ත් අතර කාලයක් ගත වන බව ද සඳහන් කළේය.

    එහිදී තවත් සමාගමක් අභියාචනයකුත් ඉදිරිපත් කර තිබුණු අතර එම නිසා පෙට් ස්කැනර් යන්ත්‍රය ලබාගැනීම ප්‍රමාද වුවද මේ වන විට එය ඇණවුම් කර තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

    පෙට් ස්කැනර් යන්ත්‍රය මගින් රෝගියෙකු එක්වරම පරීක්ෂා කළ හැකි අතර අවයව මෙන්ම රුධිර සංසරණය ද පරීක්ෂා කිරීමට හැකියාව තිබෙන බවත් ලෝකයේ වෙනත් රටවල සෞඛ්‍ය සේවා සඳහා රජයේ ආධාර මෙන්ම පෞද්ගලික අංශයේ ආධාර ද රෝහල්වලට ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya