ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සමුපකාර සහ කෝප් සිටිවලින් සහල් තොග මිලට

    නොවැම්බර් 02, 2017

    ලංකාව පුරා ඇති 4,000 ක් පමණ වන සමුපකාර ප්‍රාදේශික, කෝප් සිටි හා මිනි කෝප් සිටි මගින් සහල් ඇතුඵ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, තොග මිලටම ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

     

    මීට අමතරව පාරිභෝගික ජනතාව වැඩිවශයෙන් ගැවසෙන බස්නැවතුම්පොළ, දුම්රිය ස්ථාන, සතිපොළවල් ආශ්‍රිතවද ජංගම අලෙවි රථ යොදා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව  ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    කොළඹ, වොක්ෂෝල් වීදිය සතොස මූලස්ථානයේ ඊයේ (1)  පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ශීඝ්‍රයෙන් ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ( CWE) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya