විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර විද්‍යාලයේ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්ට තිළිණ ප්රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
විද්‍යාලයේ සංගීත ඒකකය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
විදුහල්පති ශාන් ජාගොඩ මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්ර යන මහත්වරුන් සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.