ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය ඇති හොඳම රටවල් 34 ට ශ්‍රී ලංකාවත් Featured

    නොවැම්බර් 05, 2017
    ලෝකයේ රටවල් 144 ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය ඇති හොඳම රටවල් 34 ට ශ්‍රී ලංකාව ද ඇතුලත් වී ඇති බව ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
     
    ගෝලීය ස්ත්‍රි/පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයනයක නිරත වෙමින් එම සංසදය නිකුත් කළ “The Global Gender Gap Report 2017” වාර්තාවේ මේ බව සඳහන් වෙයි.
     
    ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ විද්‍යාත්මක සැසිවාරය කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාත්වයෙන් පසුගියදා පැවැති අතර එහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම වාර්තාව පිළිබඳ කරුණු හෙළි කරන ලදි.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මෙම සුවිශේෂි ජයග්‍රහණය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාගෙන් ලැබූණු නායකත්වය අගය කරන බවත් මේ ජයග්‍රහණය ලබාගැනීම සඳහා වෛද්‍ය පරිපාලකයින්ගෙන් ද විශාල සහයෝගයක් ලැබුණු බවයි.
     
    ඇතැම් වෛද්‍ය පරිපාලකයින් නිවාඩු දිනවල පවා රාජකාරි සිදු කරමින් කළ කැපවීම නිසා මෙම ජයග්‍රහණය හිමි වූ බව පෙන්වාදෙන අමාත්‍යවරයා වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ රාජකාරී ගැටලු කිහිපයක් පසුගිය කාලයේ පැවතිය ද එම ගැටලුවල වපසරිය හදුනාගැනීමෙන් පසු 90 දශකයේ දී විධිමත් පරිපාලන පුහුණුවක් ලබාදීම සඳහා පාඨමාලා ආරම්භ කෙරුණු බවත් තවත් ගැටලු කිහිපයක් පවතින බවත් පෙන්වාදුනි.  
     
    "විශේෂයෙන්ම වෛද්‍ය පරිපාලකයින්ට පෞද්ගලික වෛද්‍ය සේවා ක්‍රියාත්මක කිරීම තහනම් වීම හේතුවෙන් ආදායම අවම වී තිබෙනවා. මෙම තීරණය අධිකරණ ක්ෂේත්‍රයේ ද ක්‍රියාත්මකයි. නමුත් අධිකරණ ක්ෂේත්‍රය සඳහා විශේෂ වැටුප් ක්‍රමයක් හදුන්වා දී ඇති බව මා කළ අධ්‍යයනයක දී හෙළි වුණා. එම නිසා වෛද්‍ය පරිපාලකයින්ගේ ගැටලුව ද විසදීමට කටයුතු කළ යුතුයි"යැයි ද කීය.
     
    මෙහිදී තිරසර සංවර්ධන ඉළක්ක ජය ගැනීමට මෙම සංගමය කැපවන බව සපථ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සංදේශයක් ද බාරදෙන ලදි. 
     
    ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු ඵලක පරිත්‍යාග කිරීමක් සහ සංගමයේ හිටපු සභාපතිවරුන්ට සමරු තිළිණ පරිත්‍යාග කිරීමක් ද මෙහිදී සිදු විය.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, සංගමයේ සභාපති නීලමනී හේවාගීගනගේ මහත්මිය ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya