ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නේස්බී සාමිතුමාගේ ප්‍රකාශයට කෘතඥතාවය පළ කරනවා - අපේ හමුදාවට යම් සාධාරණයක් ඉටු වුණා

    නොවැම්බර් 14, 2017

    නේස්බී සාමිතුමගේ ප්‍රකාශයට කෘතඥතාවය පළ කරන බවත් එම හෙළිදරව්වෙන් අපේ හමුදාවට වසර ගණනාවක් සිදු වූ නරක අසාධාරණයට යම් ප්‍රමාණයක සාධාරණයක් අද සිදුව ඇති බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක මහතා ප්‍රකාශ කරයි.

    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා  මේ බව අද (14) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථවේ යෝජනාවට පිළිතුරු ලබාදෙමිනි. ශ්‍රී ලංකාවේ යුද හමුදාව සම්බන්ධයෙන් නේස්බී සාමීවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

    එතුමා හමුදාවට හා රජයට තිබෙන තර්ජනය ඉවත් කළ යුතුයි කියා තිබෙනවා. අපේ නායකයන්ට හෝ හමුදා සෙබළුන්ට තර්ජනයක් කළ හැකියි කියලා විශ්වාස කරන්නේ නෑ. රට සහ යුද්ධය සම්බන්ධයෙන් වැරැදි ප්‍රචාරවලට එරෙහිව සෑම දෙනාම නැගී සිටිනු ඇති. අප බ්‍රිතාන්‍ය සමඟ කිට්ටු ජාත්‍යන්තර සබඳතා පවත්වනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අගය කරනවා. අපිට ඔවුන් පිළිබඳ විශ්වාසය පේනවා. එතුමාගේ ප්‍රකාශයට කෘතඥතාවය පිරිනමනවා. එතුමා සමඟ පැවැති සාකච්ඡාවේ දී අපේ රටේ තත්ත්වය පැහැදිළි කළා. එතුමා අපේ රට පිළිබඳව වන මහන්සිය අගය කරනවා.

    නේස්බී සාමිතුමගේ හෙළිදරව්වෙන් අපේ හමුදාවට වසර ගනනාවක් සිදු වූ නරක අසාධාරනයක් යම් ප්‍රමාණයකට අද සාධාරණයක් වෙලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා, ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ජයග්‍රහනයක් නොවේ, මෙය රටේ ජයග්‍රහණයක්. අපට ලැබී තියෙන්නේ අපූරු අවස්ථාවක්. අපේ හමුදාවට තවදුරටත් අසාධාරණයක් නොවන්නට කටයුතු කරනු ඇති බව විශ්වාස කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya