ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    තෛපොංගල් දින බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් දන්සැලක්

    ජනවාරි 15, 2018

    හින්දු තෛපොංගල් දිනය (අස්වැනු මංගල්‍යය) නිමිත්තෙන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක භට පිරිස් ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් භුමිය ශ්‍රමදාන ව්‍යාපාරයක් මගින් පිරිසිදු කොට එහි බැතිමතුන් වෙනුවෙන් ඊයේ  (14) දන්සැලක් පැවැති බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    තෛපොංගල් දින බැතිමතුන් වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම ප්‍රජා සත්කාරක ශ්‍රමදාන ව්‍යාපාරයට සහ දන්සැලට 64 වන සේනාංකයේ භට පිරිස් සහ සාමන්‍ය වැසියන් මහත් උද්යෝගයෙන් සහභාගිවී සිටිනු දක්නට ලැබුණි.

    මෙම දන්සැලට පැමිණි බැතිමතුන්ට සම්ප්‍රදායික සිංහල සහ දමිල විවිධ ආහාර හා රස කැවිලි වලින් සංග්‍රහ කල අතර 64 වන සේනාංක භට පිරිස් හා ප්‍රදේශයේ ජනතාව අතර හොඳ හිත සහ සංහිදියාව වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

    මෙම වැඩසටහන 64 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ මුලිකත්වයෙන් සිදුකෙරිණු අතර යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් 100 කට වැඩි පිරිසක් සහ බැතිමතුන් 700 දෙනෙකුට වඩා වැඩි පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

    ප්‍රදේශයේ ජිවත් වන හින්දු බැතිමතුන් සහ ආරක්ෂක හමුදා සමාජිකයන් හට තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ ආශිර්වාද පුජාවක් ද ඔඩ්ඩුසුඩාන් ශිවම් කොවිලේදී පැවැත්විනි.

    64 ‍වන සේනාංකයේ සේනාංකාධිපතිවරයාගේ ආරාධනයෙන් ඔඩ්ඩුසුඩාන් ශිවම් කොවිලේහි පැවැති පොංගල් වැඩසටහන සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ද සහභාගි විය.

    සේනාංකාධිපතිවරුන්, මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බලසේනාධිපතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් රැසක් ද මෙම ආගමික වැඩසටහන සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya