ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සංහිඳියාව ගොඩනැඟුණු රටක් පිළිබඳ තම සිහිනය ඉටුකර ගැනීමට දිවි හිමියෙන් කැපවෙනවා Featured

    ජනවාරි 31, 2018

    ජාති, ආගම් බේදයකින් තොරව සියලූ ජනතාව සාමයෙන්, සමගියෙන් සහ සංහිඳියාවෙන් ජීවත්වන සමාජයක් ස්ථීර වශයෙන්ම රට තුළ ගොඩනැගිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    එය තමාගේ ද සිහිනය බව පැවසූ ජනාධිපතිතුමා, එම සිහිනය ඉටුකර ගැනීම සඳහා රටට ආදරය කරන සියලූ ජනතාව ඒකරාශී කරගනිමින් දිවි හිමියෙන් කැපවන බව ද අවධාරණය කළේ ය. ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ, ඊයේ(31) අම්පාර අට්ටාලච්චේන ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.


    2015 ජනවාරි 08 වනදා ජාති,ආගම් බේදයකින් තොරව මේ රටේ සියලූ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ඉටුකිරීමට කැපවන බවත්  රට සමෘද්ධිමත්  ලෙස ගොඩනැගීමට රට තුළ ස්ථීරසාර සාමයක් ඇති කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, එහිදී සියලූ ආගම් සහ සියලූ ජනතාව අතර සංහිඳියාව ඉතා වැදගත් බවද කියා සිටියේය.

    ගම් මට්ටමින් සිදුකළ යුතු සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට නැවත මෙම ප‍්‍රදේශවලට පැමිණෙන බවද ජනධිපතිතුමා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya