ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී සිටිනවා

    පෙබරවාරි 06, 2018

    ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස, ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයිි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(05) පස්වරුවේ පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.


    පශ්චාත් යුද සමයේ ඉටු නොවූ කාර්යයක් වන රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිතුමා මෙහිදී පොතුවිල් ජනතාව අමතමින් ප‍්‍රකාශ කළේය.

    පොතුවිල් ප‍්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව පැවසූ ජනාධිපතිතුමා වැඩි සංචාරකයින් පිරිසක් එම ප‍්‍රදේශයට ගෙන්වා ගනිමින් ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම අපේක්ෂාව බව කියා සිටියේය.

    එසේම ප‍්‍රදේශයේ ජනතාව කෘෂිකර්මාන්ත කටයුතුවලදී මුහුණදී සිටින ප‍්‍රධාන ගැටලුවක් වන ජල ගැටලුව විසඳීම සඳහා හැඩඔය ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට දැඩි අඩුපාඩුවක්ව පවතින කී‍්‍රඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන අතර, කලාප අධ්‍යාපන කාර්යාලයක් පිළිබඳ තිබෙන ගැටලුව විසඳීමට ද ඉදිරියේ අදාළ අංශ සමග සාකච්ඡා කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    මේ අතර නැගෙනහිර රැකියා නොමැාති උපාධිධාරින්ගේ ගැටලුව විසඳීමට ද ඉතා කඩිනමින් පියවර ගන්නා බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන් කිසිසේත් ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් කරන ප‍්‍රකාශ පසුපස යාමට අවශ්‍ය නොවන බව ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya