ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය තාවකලිකව අත්හිටුවයි - පානීය ජලය විදෙස් සමාගමකට ලබාදීමේ කතාව අසත්‍යක්

    මාර්තු 01, 2018

    රාජාංගනය යෝජිත පානීය ජල ව්‍යාපෘතිය තාවකලිකව අත් හිටුවීමට තීරණය කළ බවත් පානීය ජලය කිසිදු විදෙස් සමාගමකට ලබාදීමේ තීරණයක් ගෙන නැතැයි ද එම ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යක් බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    රජයේ පානීය ජල ව්‍යාපෘතියක් ලෙස වසර 2011 දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් ජල ව්‍යාපෘතියක් බවත් මෙම ව්‍යාපෘතිය පානීය ජලය බෝතල් කරන හෝ විදෙස් සමාගමකට ජලය ලබාදෙන ව්‍යාපෘතියක් නොවන බවත්
    දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළේ ය.


    ප්‍රදේශයේ පවතින පානීය ජල හිඟයට පිළියමක් ලෙස මෙම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණි. ඒ අනුව රාජාංගනය, නොච්චියාගම මෙන් ම ප්‍රධාන වශයෙන් තඹුත්තේගම නගරයට පානීය ජලය ලබාදීම
    මෙහි අරමුණක් වූ බව ද දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා ප්‍රකාශ කළේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya