ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල ජනපති අතින් සිසු අයිතියට Featured

    මාර්තු 01, 2018

    ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අද (01) පෙරවරුවේ   ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පැවැත්විණි.

    ''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 6 ක් වැය කරමින් මෙම නව පංති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

     විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින්  මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර, සමරු ඵලකය නිරාවරණය කර නව පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

     ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ නා පැළයක රෝපණය කිරීම ද සිදු විය. 

     සමස්ත ලංකා පාසල් ගායන තරගාවලියේ ප්‍රාථමික අංශයේ සමූහ ගායන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනගත් විද්‍යාලයීය ගායන කණ්ඩායම වෙත සහතික පත්‍ර සහ පදක්කම් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

     ගිරිතලේ ශ්‍රී අග්ගබෝධි විහාරාධිපති දර්ශනපති වරදිවල ධර්මාරාම නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් රංජිත් ආරියරත්න, හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.එම්.කේ නවරත්න යන මහත්වරුන් ද, විදුහල්පති බී.එන්. රණවීර මහතා ඇතුථ අචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya