විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර, සමරු ඵලකය නිරාවරණය කර නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීය.
පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් විද්‍යාලයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ දරුවෙකුට තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය. විද්‍යාලයේ ගුරුවරයෙකුගේ නිර්මාණයක් විදුහල්පති ඩබ්.ජී. කරුණාදාස මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය සිරිකෙත සිරිසීවලි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුථ රාජ්‍ය නිලධාරින් ද දෙමාපියන්, ගුරුවරුන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )



















