ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ලෝක වනජීවී දිනය අදයි

    මාර්තු 03, 2018

    ලෝක වනජීවී දිනය මාර්තු 03 අදට යෙදී තිබේ.ලෝකයේ වෙසෙන සියලු සත්ත්ව හා ශාකවල සුරක්ෂිතතාවය සළකමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු 03 දින ලෝක වනජීවී දිනය ලෙස නම් කර ඇත.

    2018 වසරේ ලෝක වනජීවී දිනයේ තේමාව වී ඇත්තේ, “Big cats: predators under threat". යන්නයි. වර්තමානයේ වනයේ සිටින විශාල බළල් විශේෂ බොහෝමයක් විවිධාකාර තර්ජනවලට මුහුණ දී සිටිති. ඒවා
    බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වී තිබෙන බව පරිසරවේදීන් පෙන්වා දෙයි. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මෙම සත්ත්ව විශේෂවල වාසභූමී ආක්‍රමණය වෙමින් පවතී. පසුගිය කාලය තුළ  කොටි ගහනය හා අප්‍රිකානු සිංහ ගහනය අඩු වී ඇති බව ලෝක වනජීවී වෙබ් අඩවි වාර්තා කරයි.

    මේ හේතුව නිසා ලෝක වනජීවී දිනයේ දී ලෝකයේ වනාන්තරවල වෙසෙන බළල් විශේෂවල ආරක්ෂාව  සම්බන්ධයෙන් අවධානය යොමුව පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya