ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    (WhatsApp ) සේවාව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මකයි

    මාර්තු 14, 2018

    වට්ස්ඇප් (WhatsApp ) සේවාව වෙත දැනට ක‍්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද අද දින (14) මධ්‍යම රාත‍්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    මාධ්‍ය නිවේදනය

    පසුගිය දිනවල සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි දිවයින පුරා වර්ගවාදය සහ ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය විසින් කටයුතු කරන ලදී.

    වර්ගවාදය,ආගම්වාදය හෝ විවිධ අන්තවාදයන් පදනම් කරගත් ප‍්‍රචණ්ඩකාරී චර්යාවන් වේගයෙන් පැතිර යාම කෙරෙහි සමාජ මාධ්‍ය සිදුකරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් ද තහවුරු වී ඇති තත්ත්වයක් තුළ ශ‍්‍රී ලංකාවේ ජාතික සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ කි‍්‍රයාමාර්ගයක් ලෙස තාවකාලිකව පනවන ලද සමාජ ජාල වාරණය  හේතුවෙන්  කලහකාරීත්වය සහ ප‍්‍රචණ්ඩත්වය සීග‍්‍ර ලෙස පැතිර යාම පාලනය කිරීමට හැකිවිය.

    දැනට ජපානයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපතිතුමා රටෙහි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව,ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දුන් උපදෙස් අනුව, අවශ්‍ය නියාමන,ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන ක‍්‍රියාවට නැංවීමෙන් පසු, එතෙක් තාවකාලිකව වාරණයට ලක් කර තිබූ වයිබර් සමාජ ජාලය වෙත ප‍්‍රවේශය ඊයේ (13) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි යළි ලබා දීමට කටයුතු කෙරිණි. තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල අඩවි සහ සේවාවන් පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපතිතුමා,අද  දින (14) මධ්‍යම රාත‍්‍රියේ සිට වට්ස්ඇප් සේවාව වෙත දැනට ක‍්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී ඇත.


    එහෙත් සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප‍්‍රතිරූපවලට හානිකිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඒ අනුව, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡවක් හෙට (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එමගින් හැකි ඉක්මනින් ෆේස්බුුුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු  කරමින් සිටී.

    එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත් මෙවැනි කි‍්‍රයාවන්ට වරදකරුවන් වන අයට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya