ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාතීන් අතර සංහිදියාව බිඳ වැටීමට පාසල් අධ්‍යාපන ක්‍රමයේ වෙනස්වීම් බලපෑවා - මල්වතු මහනායක හිමිපාණෝ

    මාර්තු 17, 2018

    සිංහල, දෙමළ සහ මුස්ලිම් වශයෙන් ජාතිකත්වය පදනම් කරගෙන පාසල් බිහි වීම ජාතීන් අතර සාමය සහ සංහිඳියාව පලුදු කිරීමට හේතු වූ බව මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ සේක.

    පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ අද මල්වතු විහාරයේදීය.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මුල් යුගයේ මෙරට පැවති අධ්‍යාපනය ක්‍රමය අනුව සිංහල, දමිළ සහ මුස්ලිම් යන සියළුම දරු දැරියන් එකම පාසලක් තුළ සාමයෙන් සහ සමඟියෙන් අධ්‍යාපන ලැබූ බවත් ඒ තුළින් ඔවුන් සංහිදියාව පිළිබද ප්‍රායෝගිකවම උගත් බවත් පැවසූ සේක. නමුත් පසු කලෙකදී පාසල් අධ්‍යාපනය තුළ ජාතීන් අනුව පාසල් බිහි වීම නිසා සිසු සිසුවියන් අතර පැවති මෙම එකමුතු බව සහ අනෝන්‍ය අවබෝධය බිද වැටුනු බවද පෙන්වා දෙන ලදී. සියළුම භාෂාවන් ඉගෙන ගැනීමට තිබූ හැකියාවද ඒ තුළින් දුරස් වූ බවද උන් වහන්සේ පෙන්වා දෙන ලදී. වර්තමානයේ ජාතීන් අතර ඇති වන විවිධ අර්බුද සදහා මේවා බලපාන බවද උන්වහන්සේ පෙන්වා දෙන ලදී.

    මෙහිදී උන් වහන්සේ ඉදිරියේ අදහස් දැක්වූ ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ ලංකාවේ ජනතාව අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ සිංහල සහ මුස්ලිම් ජනතාව කාලාන්තරයක සිටම ඉතා සමගියෙන් සිටි බවයි. මුස්ලිම් ජනතාව වෙනුවෙන් මහනුවර ඉදි කොට ඇති මීරාමක්කම් පල්ලිය පිහිටි භූමිය පවා දළදා මාළිගාව විසින් ලබා දීමෙන්ම එම සමගිය සහ සංහිදියා ප්‍රදර්ශනය වන බවත් පැවසීය. නමුත් අවාසනාවට කිසියම් අන්තවාදී පිරිසක් විසින් එම සංහිදියාව බිද දැමූ බවත් ඇතිවූ ගැටුම පුද්ගලික වුවත් අවසානයේ එය ජාතිවාදී ගැටුමක් දක්වා ගෙන ගිය බවත් පැවසීය.

    ජාතිවාදී විෂබීජය වපුරුවා දේශපාලන වේදකාවක් සදා ගැනීමට ඇතැම් දේශපාලකයන් කටයුතු කිරීමට ගන්නා උත්සාහය පරාජය කළ යුතු ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජාතීන් සහ ආගම් අතර උද්ගතව ඇති අනවබෝධය තුරන් කිරීම සියළුම දේශාපලකයන්ගේ අරමුණ විය යුතු බවද පැවසීය.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -මහනුවර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya