ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනපති රුසියානු තානාපති කාර්යාලයට ගොස් ශෝකය පළ කරයි

    මාර්තු 29, 2018
    රුසියාවේ, කෙමෙරෝවොහි විනෝද වෙළෙද සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නකින් කුඩා දරුවන් ඇතුථ පුද්ගලයින් රැසකගේ ජීවිත අහිමිවීමේ ඛේදවාචකය පිළිබද ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කරයි.

    ඊයේ (28) පස්වරුවේ කොළඹ රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග්‍රන්ථයේ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා වෙත විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කළේය.

    මෙම කනගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයත්, ජනතාවත් රුසියානු රජය සහ එම මිත්‍ර ජනතාව සමග සිය සංවේගය ඛෙදා ගන්නා බව ජනාධිපතිතුමා සිය ශෝක සටහනේ වැඩිදුරටත් සදහන් කර  තිබේ.
     
    රුසියානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටරි මහතා ඇතුථ කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය. අනතුරුව ජනාධිපතිතුමා රුසියානු තානාපතිවරයා සමග සුහද කථා බහකට ද එක්විය.
     
    ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya