ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුව ඉවරවෙයි කියා හිතනවානම් ඒක හීනයක්- අමාත්‍ය වජිර අබේවර්ධන

    අප්‍රේල් 04, 2018

    අද රෑට ආණ්ඩුව ඉවරවෙයි කියා කෙනෙක් හිතනවානම් ඒක හීනයක් විතරයි යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (4) උදෑසන බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දී අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරුන්ට, පොත් බැඳුම්කරුවන්ට හා උප්පැන්න, විවාහ සහ මරණ රෙජිස්ටාර්වරුන් වෙත නව පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    එහි දී වජිර අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

    මේක වැරදි විශ්වාසභංගයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් එවැනි විශ්වාසභංගයක් වුණත් බ්‍රිතාන්‍යයේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරමින් අපි මේ විශ්වාසභංගය
    ඉක්මණින් විවාදයට ගන්න තීරණය කළා. රජයේ සේවකයේ යම් නිලධාරියකු කටයුතු කරන විට ඇතැම් අවස්ථාවල දී අතපසුවීම් වෙන්න පුළුවන්. ඒ වගේ ම වැරැද්දක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දී ආයතන සංග්‍රහය අනුව මාස තුනක කාලයක දී මූළික පරීක්ෂණ පවත්වා අවසන් කළ යුතුයි.

    පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ඉදිරිපත් කළාම අනෙකුත් සියලු වැඩ නවතා මේ විශ්වාසභංගය විවාදයට ගත යුතුයි. අපි ඒ අනුව කටයුතු කළා. දැන් විවාදය පැවැත්වෙනවා. රාත්‍රී නමයට ඡන්ද විමසීම. ඇතැම් අය හිතාගෙන ඉන්නවා අපිව ඉවත් කරන්න.ආණ්ඩුව පරාජය කරන්න.

    විශ්වාසභංගයක් ගෙනවිත් පටු දේශපාලන වාසි ලබාගන්න උත්සාහගත් ඇතැම් අයගේ බලාපොරොත්තු ඉටුවන්නේ නැහැ. ආණ්ඩුව තවත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරන බව අද රාත්‍රියේ දැකගන්න පුළුවන් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya