ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවක් Featured

    අප්‍රේල් 14, 2018

    සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ධ වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    ''සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අන්‍යෝන්‍ය සබැදියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබාදහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලූත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.

    වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැමදෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අළුත් අවුරුද්දයි. ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අළුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගනිමු. චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවත එන අළුත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගි වෙමින් එම සංස්කෘතික උරුමය අපගේ අනාගත පරපුරට තිළිණ කිරීම සඳහාද මෙය අවස්ථාවක් කරගනිමු.

    සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා, සාමය, සංහිදියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන, ප්‍රීතිමත්, සුබ අළුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි.''

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya