ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    එළවළු ගොවීන්ට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    අප්‍රේල් 30, 2018

    වියළි කලාපීය එළවළුවල මිල පහත වැටීම හේතුවෙන් එම ගොවීන් මුහුණදී තිබෙන ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

     

    වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා සහ තක්කාලි ඇතුළු එළවළු වර්ග කිහිපයක මිල සීග‍්‍ර ලෙස පහත වැටීම හේතුවෙන් වියළි කලාපීය ගොවින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

    මේ පිළිබඳ අවධානය යොමු කරමින් රජයේ මැදිහත්වීමෙන් මෙම එළවළු වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමේ ක‍්‍රමවේදයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්විය.

    මෙම එළවළු වර්ග සමුපකාර හරහා මිලදී ගැනීමේ ක‍්‍රමවේදයක් මෙන්ම පෞද්ගලික අංශයේ දායකත්වය ද ඒ සඳහා ලබාගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

    එමෙන්ම එම එළවළු කල්තබා ගැනීමේ නව ක‍්‍රමවේදයන් අත්හදා බැලීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

    රෝහල්, හමුදා මූලස්ථාන සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ස්ථාන සඳහා මහා පරිමාණයෙන් එළවළු සැපයීමේදී මෙම එළවළු දිස්ත‍්‍රික් මට්ටමින් ඒ සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවද සාකච්ඡා විය.

    අදාළ එළවළු වර්ගවල තොග මිල පහත වැටුණද ප‍්‍රධාන නගරවල සහ තදාසන්න ප‍්‍රදේශවල සිල්ලර මිලෙහි අඩුක් නොමැති අතර එළවළු වැඩිපුර තිබෙන ප‍්‍රදේශවලින් නාගරික ප‍්‍රදේශ වෙත එම එළවළු ප‍්‍රවාහනය කර අළෙවි කිරීමේ වැඩපිළිවෙළක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව කි‍්‍රයාත්මක කිරීමට ද තීරණය කෙරිණි.

    මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ සතියක් තුළ මෙම ගැටලුවට විසඳුම් ලබාදෙමින් ගොවි ජනතාව මුහුණදී සිටින අසීරුතාවයෙන් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා සියලු පාර්ශව වගකීමෙන් කටයුතු කළයුතු බවයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සතොස සභාපති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙන්ම දිස්ති‍්‍රක් ලේකම්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya