ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ සිංහල සිනමාව,අපේ සංස්කෘතිය ලෝකයට පෙන්නුම් කළ විශිෂ්ඨ යුග පුරුෂයෙක් Featured

    මැයි 02, 2018

    ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ සිංහල සිනමාව, අපේ සංස්කෘතිය, ගැමි සංස්කෘතිය, ඒ සියල්ල සිනමාවට හඳුන්වාදෙමින් ලෝකයට පෙන්නුම් කළ විශිෂ්ඨ යුග පුරුෂයෙක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ය. අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (02) සවස නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.


    අපේ හෙළ සිනමාවේ මහා විශිෂ්ඨයෙක්, යුග පුරුෂයෙක් අපට අහිමිවීම පිළිබඳ ජාතියක් විදියට සංවේගයට පත්වන අවස්ථාවක්. අවසන්වරට එතුමා හමු වුණේ එතුමාගේ උපන්දිනයට සුබ පතන්න නිවසට ගිය අවස්ථාවේ දී. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අපේ සිංහල සිනමාව,අපේ සංස්කෘතිය,ගැමි සංස්කෘතිය, ඒ සියල්ල සිනමාවට හඳුන්වාදෙමින් ලෝකයට පෙන්නුම් කළ විශිෂ්ඨ යුග පුරුෂයෙක්.

    ජාත්‍යන්තර විද්වතුන්, ප්‍රබුද්ධයින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිසා ශ්‍රී ලංකාව හඳුනාගත්තා. එතුමාගේ අභාවය සැළ වූ වහාම රජයක් ලෙස ආදාහන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය ගෞරව ලබාදීමටත්, අද දවස ශෝක දිනයක්
    කරන්න තීරණය කළා. ඒ ඔහුගේ දර්ශනයට, මානවවාදී ගුණාංගය නිසයි. අපේ සමාජයට රටට,ජාත්‍යන්තරය අලුත් දෙයක් කියා දුන් ප්‍රබුද්ධ කාර්යභාරයක් ඉටු කළ චරිතයක් ලෙස දකින්නේ.ආචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කරනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya