ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අල්ලස දූෂණයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතුයි - මුදල් රාජ්‍ය අමාත්‍ය Featured

    මැයි 09, 2018

    අල්ලස දූෂණයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතු බවත් අල්ලස, දූෂණය කරන පුද්ගලයන්ට අධිකරණ මාර්ගයෙන් දඬුවම් දිය යුතු යැයි රටේ අඳහසක් ඇතිව තිබෙන බවත් මුදල් රජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් රජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    හොරකම් කරන,අල්ලස, දූෂණය කරන පුද්ගලයන් අධිකරණ මාර්ගයෙන් දඬුවම් දිය යුතුයි කියලා රටේ අඳහසක් ඇතිව තිබෙනවා. මෙයට සියලු දෙනම සහාය දීලා නීතිය සම්මත කරගන්න ඕන. අධිකරණ ක්‍රමවේදය සීග්‍ර
    කරන්න රට තුළ මතයක් ඇති වී තිබෙනවා.

    සමහර ගනුදෙනු වසර ගණන් වෙනවා. මේවා ගැන සොයාබැලිය යුතු නැද්ද? අල්ලස දූෂණයට තදින් ක්‍රියාකරන්න ඕන. හොරුන් අල්ලන් ප්‍රමාදයක් වී තිබෙනවා. හොරු අල්ලන එක සීග්‍ර කරන්න පුළුවන්. එය සීග්‍ර
    කරන්න ඕන. ඒ නිසයි මේ සංශෝධනය ඉදිරිපත් කරන්නේ. මේ රටේ පුරවැසියාට තිබෙන සාධාරණත්වය ගැන කතා කළ යුතුයි. හෙට සිට මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙහි අභියාචනයටත් අවස්ථාවක් තිබෙනවා.
    නීතියෙන් විතරක් රටක් හදන්නට බැහැ. කළමනාකරණයේ ප්‍රශ්නවලටත් අප යොමු විය යුතුයි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya