ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලන වශයෙන් පළිගන්න හෝ කෙසිවෙකු ඉලක්ක කරගත් අධිකරණයක් නොවේ -අධිකරණ අමාත්‍ය

    මැයි 09, 2018

    අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් හරහා පිහිටුවන්නේ,දේශපාලන වශයෙන් පළිගන්නා හෝ කෙසිවෙකු ඉලක්ක කරගත් අධිකරණයක් නොවේ යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

    අධිකරණ සංවිධාන ( සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    ඕනෑම කෙනෙකුට නිදහස තිබෙනවා, නීතිය ක්‍රියාත්මක කරන්න. අධිකරණය ස්වාධීන වූ, ස්වාධින කොමිෂන් සභා ක්‍රියාත්මක කර ශක්තිය ලබාදෙන්න උපරිම වශයෙන් කටයුතු කර තිබෙනවා. තාමත් සමහර අය පිළිගන්නකැමැති නෑ. විශේෂයෙන් ම ජනතාවගේ මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගේම පාර්ලිමේන්තුවේ 225ටත් තිබෙනවා. සෑම එකක්ම සොයාබැලීමේ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතිය තිබෙනවා.

    පනත ඉදිරිපත් කරන්නේ, ස්ථීර ත්‍රිපුද්ගල අධිකරණ පිහිටුවන්නයි. සංශෝධන කර ඉදිරිපත් කරනවා. ලෝකු මතයක් තිබෙනවා, හොරු ඇල්ලුවේ නෑ කියලා. අර්ජුන්ටත් උදයංගටත් එකම නීතියක් තිබෙන්නේ. පිහිටුවන්නේ,දේශපාලන වශයෙන් පලිගන්න හෝ කෙසිවෙකු ඉලක්ක කරගත් අධිකරණයක් නොවේ යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya